Friday, July 26, 2019

සමාජ ජිවිතය තුළ ගැටුම් නිරාකරණය කරගැනීමට ජාතක පොතෙන් ලැබෙන පිටුවහල

                             
ජාතක පොත සදාචාර දර්ශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනාගත හැකි අතර බෞද්ධ දර්ශනය තුළ ගැබ්වූ අපරාධ විද්‍යා චින්තනය එතුළින් දැක්වේ.
     "ජාතක කතාවෝ සාහිත්‍යමය අගයෙන්ද අනූනවුවෝය. උපමාරූපක ආදී අලංකාර වලින් ඒවායේ අඩුවක් නොමැත.අඛ්‍යාත   ස්වරූපය ඊට අයත් මූලික ලක්ෂණ වුවද සංවාද ලක්ෂණ ද එහි දක්නට ඇත.භාරතීය රසාදයට අයත් යම් යම් කරුණු බෞද්ධ දර්ශනයට අනුව ඒවායෙහි සියුම් ලෙස දියුණුවී ඇත.ජාතක කතා පොත විවිධ එළඹුම් ඔස්සේ විග්‍රහකොට දැක්විය හැකිය.එහි  අගය සාහිත්‍යාත්මක දෘෂ්ටියෙන්ද සමාජ විද්‍යාත්මක කෝණයකින් ද, දේශපාලනික දැක්මකින්ද ,බෞද්ධ සදාචාරය පිළිබඳ එළඹුමක් ලෙසින් ද ආදී විශේෂණයන් ඔස්සේ විමසුමට ලක්කළ හැකිවේ.
               මේ ආකාරයට ජාතක කතා පොත තුළ අඩංගු වන්නේ එක්තරා යුගයකට පමණක් අදාල කරගත හැකි සිදුවීම් මාලාවක්  නොවේ. .එහි  සර්වකාලීන ගුණය දක්නට හැක.මිනිස්  චෛතසිකය තුළ විවිධ මනෝභාවයන් හටගන්නා තුරුම ජාතක පොතෙහි ඇති විවිධ කතා වැදගත් වනුඇත.පන්සිය පනස් ජාතක පොතෙහි මුඛ්‍යාර්ථය සත්ත්වයන් සංසාරයෙන් එතර කිරීම ලෙස දැක්විය හැකිය. ජිවිතයේදී  නොයෙකුත් ගැටුම් අතර පීඩනයට පත්ව සිටින මනුෂ්‍යන් සඳහා ශාන්තිය ලබා දෙන්නාවූ කෘතියක් ලෙස එය හැදින්විය හැකිය.
                සමස්තයක් ලෙස ගත්කළ ජාතක කතා පොත යහපතෙහි අගය ලොවට ඒත්තු ගැන්වීම සඳහා රචනා කරන ලද්දක් බවද වැටහෙයී.එම  හේතුව නිසා මිනිසුන්ගේ විවිධ චර්‍යාවන් විමසුමට ලක්කොට ඇත.බොහෝවිට සත්ත්ව චරිත උපයෝගී කොටගෙන දක්වා ඇත්තේ ද මිනිස් චර්‍යා රටාවන් ය.සමාජ  ධර්මතා කඩ නොකර සමාජය තුළ විසීම සෑම පුද්ගලයෙකුගෙන්ම බලාපොරොත්තු වන ගුණාංගයකි.එම  සමාජ ධර්මතා අනුව ජීවත්වීමට ජාතක කතා පොත මඟ පෙන්වා දෙනු ලබයී.
          එසේ ජීවත් නොවන්නන් සමාජ විරෝධීන් මෙන්ම අයහපත් මිනිසුන් ලෙස හැදින්වීමට සිදුවේ.එය විද්‍යාත්මකව මෙබඳු වූවන් සමාජ අපගම්‍යතාවයන්ට පෙළඹෙන්නන් ලෙසද ධර්මතා තොරවූවන් ලෙසින් ද හදුන්වනු ලබයී.
           සත්තිකුම්භ ජාතකය තුළ එබඳු අවස්ථාවක් දක්නට ලැබෙයි. අයහපත්  පරිසරයෙහි හැදී වැඩුණු සත්තිකුම්භ නම් ගිරවා සිය පරිසරයෙහි බලපෑමෙන් අයහපත් චරිතයක් ඇත්තෙකු බවට පත්වේ. පුද්ගලයෙකු හැදී  වැඩෙන පරිසරයේ බලපෑම ඔහුගේ අධ්‍යාත්මය කෙරෙහි දැඩි සෘජු බලපෑමක් එල්ල කරනු ලබයී.මෙය සමාජ විද්‍යාත්මකව බලන කල සමාජානුයෝජන ක්‍රියාවලියේ එනම් කුඩා දරුවෙකු සමාජානුයෝජනය වීමේදී පවුල ,ළදරු පාසල , දහම් පාසල හා පාසල ඔහු ඇසුරු කරනු ලබන සමාජ වටපිටාව ඔහුගේ සමාජානුයෝජන ක්‍රියාවලියට හේතුපාදක වේ. 

Tuesday, July 9, 2019

ආධ්‍යාත්මික පදනම

                               ආගම් වලින් ඉදිරිපත් කරනු ලබන ජීවිතය පිළිබඳ ආධ්‍යාත්මික පදනම් බැහැර කරන නූතන සමාජය ඔවුන්ගේ ජීවිතයේ පටු පරමාර්ථයන් සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන මූලික මාධ්‍ය වන ධනය ඉපයීම සඳහා හැකි සෑම ක්‍රමයක්ම උපයෝගී කර ගනු පෙනේ. එයට හේතු වී ඇත්තේ පුද්ගල සැනසීම හා සුවය රඳා පවතින්නේ භෞතික සරුසාරව මතය යන සත්‍යයට ඔවුන් නතු වීමයි. මෙම හැඟීමෙන් යුක්ත පුද්ගලයා කවර මාර්ගයකින් හෝ තමා අය මාර්ගය වැඩි කරගැනීමට යත්න දැරීම යන ස්වභාවිකය ප්‍රයත්නයේදී ආධ්‍යාත්මිකව තමාටද බාහිර වශයෙන් සමාජයට වන හානිය පිළිබඳව ඔහු කල්පනා නොකරයි. ධනය මුල්කොට ඇති භෞතික සැප සම්පත් කර ගැනීමට දරන ප්‍රයත්නයේදී පුද්ගලයාට තම සහෝදර ප්‍රජාවගෙ වටිනාකම අමතක වී තම භෞතික පරමාර්ථයන් ඉටුකර ගැනීම සඳහා ඉතා දරුණු අපරාධයක් කිරීමට පවා විටෙක ඔහු පෙලඹේ. මේ තත්ත්වය මත කැපී පෙනෙන ලක්ෂණය නම් සමාජයක් තුළ විශාල අර්ථයක් විනා අල්ප මාත්‍රයක් වූ ද අනවශ්‍ය සුඛයක් නොවීමයි. තම අතීතය ප්‍රත්‍යාවේක්ෂණය කිරීමේ දී එහි නිරවද්‍යතාවයක් නො දක්නා පුද්ගලයා හට ඉන් ඇති වන්නේ බලවත් පශ්චාත්තාපයකි. බොහෝවිට කළුරිය කිරීම සිදුවන්නේ උන්මන්තකයෙකු හෝ මනසින්  වද විඳින අවාසනාවන්තයන් හෝ බවට පත්වීමෙනි. සිත සහනයක් නැති විට කෙතරම් නම් භෞතික සම්පත් තිබුණද එයින් ඇති ඵලය කිමද අද සමාජය අපේක්ෂා කරන ප්‍රගතිය මෙබඳු වූවක් නම් බෞද්ධ ධර්ම මාර්ගය අවශ්‍යයෙන්ම එයට බාධාවක් බව සත්‍යයකි.

පුද්ගල බද්ධ ගැටලු සදහා විසදුම් පන්සිය පනස් ජාතක පොත ඇසුරෙන්

පුද්ගල බද්ධ ගැටලු හා බුදු දහම
       
        සමාජය පුද්ගල ගැටලුවලින් පිරී ඇත. ඒ ගැටලු අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් දෙකකට බෙදේ. අභ්‍යන්තර ගැටලු  වලට හේතුව වන්නේ තෘෂ්ණාවයි.බාහිර ගැටලු ද රාශියකි.ඒ ගැටලු සියල්ලටම බුදුරජාණන් වහන්සේ විසඳුම් ලබාදී ඇත.  බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් ලොව පහල වන්නේ දුක -  දුකට හේතුව - දුක නිවීම- දුක නිවීමේ මග ප්‍රකාශ කිරීමට ය. එය අනෙකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.එම මාර්ගය අනුගමනය කරමින් දුකින් මිදීම ගැටලුවලින් නිදහස් වීම පහසු කාර්යයක් නොවේ. එම නිසාම නිවන් මඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ තත්ත්වයට පැමිණෙනතුරු වාසනාවන්ත ජීවිත ගත කිරීමට උපකාරී  වන ජීවන මාර්ග ද ප්‍රකාශ කළසේක. මේ කරුණු මනාව නො දක්නා ඇතැම් වූ උගත්තු බුද්ධ ධර්මය පරලොවට තිබෙන ආගමක් යැයි කියති. එය මුලාවකි බුද්ධ ධර්මයේ තිබෙන කරුණු වලින් සියයට අසූවක් පමණ මෙලොව දියුණුව සඳහා ය. මෙලොව නිවැරදි දියුණුවක් ලබා සිටින්නෙකුට පරලොව දියුණුව නිර්වාණය අවබෝධය පහසු වෙන්නේ ද එවැන්නෙකුට බවත් බුද්ධ ධර්මය ප්‍රකාශ කරයි.

   1.පුද්ගල ගැටලු

                       පුද්ගලයා පිළිබඳ  ගත්කල  ලොව පඬ්වරු නොයෙක් ආකාරයට විග්‍රහ කළහ. ඒ අතර බෞද්ධ පඬිවරු මනස්ස උස්සන්නතාය  මනුස්සා දියුණු වන මනසක් ඇත්තේ මිනිසා යැයි විග්‍රහ කළහ. හැම සත්ත්වයකුටම මනසක් ඇත.එහෙත් මනස දියුණු කිරීමක් නැත. තිරිසනාට මනසක් ඇත. එහෙත් දියුණු කිරීමක් නැත. එහෙයින් තිරිසනා වුවත් තිරිසනාමය.නියම මිනිසා මොහොතක් පාසා මනස දියුණු කරන්නාය. එහෙයින් බුද්ධ ධර්මයෙහි සඳහන් ඉහළම තත්ත්වය එනම් බුද්ධත්වය ලැබිය හැක්කේ මිනිසාට පමණයැ'යි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ලොව පිහිටා තිබෙන්නේ දුක් මත යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවුරුදු දෙදහස් පන්සියයකට පෙර ය. ඒ දුක් කායික දුක්ඛ මානසික දුක්ඛ වශයෙන් බෙදා වදාළහ. එසේම සුඛ ද කායික සුඛ මානසික් සුඛයයි බෙදා වදාළහ. පුද්ගලයකුට  කායික සුවය මෙන් මානසික් සුවය ද ඉතා වැදගත් වේ. මෙම සුවයන් ගෙන් තොර වීම පුද්ගල ගැටලු ලෙස පෙන්වා දිය හැකියි.

    2.ආර්ථික ගැටලු                                                                                                                                    ආර්ථිකය නැගීමෙන් ගැටලු ඇතිවෙයි. ආර්ථිකය බැසීමෙන් වූවත් ගැටලු ඇතිවේ. ආර්ථිකය බැසීමෙන් ඇතිවන ගැටළු වලට වඩා ආර්ථිකය බැසීමෙන් ඇතිවන ගැටළු වලට වඩා ආර්ථිකය නැගීමෙන් ඇතිවන ගැටලු භයානකය විනාශදායක ය . වර්තමානයේ පුද්ගලයා දියුණුවේ කතාව අරඹන්නේ ම ආර්ථිකයෙන් ය  .  එසේම වසර දෙදහස් පන්සියයකට පෙර ද බුදුරජාණන් වහන්සේත් සමාජ දියුණුවේ   කතාව ආරම්භ කරන ලද්දේ ආර්ථිකයෙන් වර්තමාන පුද්ගලයා ආර්ථික දියුණුවෙන් දියුණුව සම්පූර්ණ කරති. එහෙයින් ආර්ථික දියුණුව වැඩිවෙත්ම ආර්ථික ගැටලු ද වැඩිවේ. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි දී   සමාජ  යෙහි දියුණුව ආර්ථිකයෙන් ම ආරම්භ කලත් ගැටලු ඇති නොවන්නට තවත් කරුණු පෙන්වා දී ඇත.

  • නුවණින් උත්සාහයෙන් නිපදවන්න   නිපදවපදවන දේ රැකගන්න
  • ඉතිරි කරන්න
  • ආදායමට සරිලන සේ වියදම් කරන්න
  • කල්‍යාණ මිත්‍රයන් ළං කරගන්න 
  • තමන්ගේ ආගම හොඳින් අදහන්න
  • සදාචාර සම්පන්න වන්න
  • පරිත්‍යාගශීලී වන්න
  • ප්‍රඥාවෙන් ජීවත් වන්න

           මේ පිළිවෙත අනුගමනය කරන්නා හට ආර්ථික ගැටලු ඇතිවන්නේ නැත .   

 3.තරුණ ගැටලු
     
                 වර්තමාන ලෝකයේ ගැටලු පිළිබඳව කතා කිරීමේදී විශේෂ ගැටලුවක් ලෙස තරුණ ගැටලු පෙන්වාදිය හැකිය. අසහනය ගැන කතා කරන විට වැඩියෙන්ම අවධානය යොමු වන්නේ තරුණ තරුණියන් දෙසටය.තුරුණු ගැටලු යනුවෙන් සඳහන් වන්නේ ද එයයී.දියුණුයැයි සැලකන රටවල තුරුණු ගැටලු වල පසුබිම කාමය බව මැනවින් පෙනෙයි. දියුණු රටවල් කාම සම්පත් විඳින්නට හැම පහසුකමක්ම තිබියදීත් ඒවායේ කාම අපරාධ ඉතා දිග වී ඇත. දියුණු රටවල් උත්පත්ති පාලන ක්‍රම රාශියක් පැතිරී ඇත. ඒ සියල්ලම ක්‍රියාත්මක වෙද්දී අනියම් ගැබ් ගැනීම් හා නුවමනා ගැබ්ගැනීම් නොදැරිය හැකි තරම් වැඩි වී ඇත. එහෙයින් සමහර රටවල් ගබ්සා කිරීම නීත්‍යානුකූල කොට ඇත. බුදු දහමට අනුව මනුෂ්‍ය ඝාතනය පාපයකි.සුදුසු වයසට හා තත්ත්වයට පත් වූවාට පසු අවාහ විවාහ වී  නිවැරදිව සම්පත් විඳීමට තරුණ තරුණියන්ට කිසිම බාධාවක් නැත. එතෙක් තමන්ගේ අනාගතය අඳුරු නොවන පරිදි ජීවිතය පැවැත්විය යුතු වේ.බුද්ධ ධර්මයට අනුව මරණින් මතු පුද්ගලයාට ලැබෙන අපායක් ඇත.  දෙව්ලොවක් ද ඇත . එසේම සිය ගෙදරම අපායක් වන අවස්ථාද ඇත.  ගෙදර අපායක් කිරීම හෝ දෙව්ලොවක් කිරීම පිළිබඳව වගකීම් ගෙදර වාසය කරන  සියලුදෙනාම සතු ය එහෙත් බුදුරජාණන් වහන්සේ එහි මුල් තැනට ගත්තේ පුරුෂයා සහ භාර්යාවයීයම්කිසි ගෙදරක වාසය කරන පුරුෂයාත් භාර්යාවත් ඔවුන්ට ප්‍රියමනාප නැත්නම් නිතර අඩදබර අසමගිකම් පවත්වනවා නම් තම තමනට අයත් යුතුකම් ගුණදහම් සපුරන්නේ නැතිනම් ඒ ගෙදර ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොකු වුවත් අපායක් හා සමානය. එබඳු ගෙදරක වාසය කරන කිසිම කෙනෙකුට මානසික සුවයක් හෙවත් සැනසිල්ලක් නැත. පවුල ගැටලු වලින්ම පිරී ඇත.එය මෙලොව අපාය නම් වේ. යම්කිසි ගෙදරක වාසය කරන පුරුෂයාත් භාර්යාවන්ට ප්‍රියමනාප ඇත්නම් නිතර සතුටින් සමඟියෙන් වාසය කරනවා නම් තම තමනට අයත් යුතුකම් ගුණදහම් පුරනවා නම් ඒ ගෙදර ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොකු වුවත් එය  දෙව්ලොවකි. එබඳු ගෙදරක වාසය කරන හැම දෙනාම මානසික සුවයෙන් හෙවත් සැනසිල්ලෙන් පිරී ඉතිරී ඇත. ගැටළු ඇතිවන්නට ඉඩක් නැත.
                                                    අතීතයේ සිංහල බෞද්ධයන්ගේ පවුල් ජීවිතය ඉතා සුන්දර බවින් යුක්ත විය. ඒ සදහා ඔවුන් අනුගමනය කරනු ලැබුවේ බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සිඟාලෝවාද සූත්‍ර ධර්මයයී.

Sunday, July 7, 2019

ජාතක කතා



  • මඛාදේව ජාතකය 
  • නාලාගිරි 
  • නන්දිවිසාල ජාතකය 
  • අපණ්ණක ජාතකය 
  • ඡද්දන්ත ජාතකය 
  • චුල්ල හංස ජාතක 
  • වෙස්සන්තර ජාතකය  








සාහිත්‍ය විශේෂතා


        ජාතක කතා රචනා කිරිමේ කතා රචනා කිරීමේ  මුඛ්‍යාධාශය වන්නේ මිනිස් සමාජය කෙරෙහි වටිනා ධර්මෝපදේශයක් ලබාදීමයි. එසේ වුව ද ජාතක කතා තුළින් සාහිත්‍යමය ලක්ෂණ මතු වීම වළක්වාලිය නොහැකි ය.මුල් පාලි ජාතකට්ඨකතාවේ ඇත්තේ ජාතක ගාථා විවරණය කිරීමක් පමණක් නමුත් සිංහල ජාතක පොතේ  ලකුණු පෙන්වන ජාතකට්ඨකතාවේ නොමැති  සාහිත්‍යමය රසයක් දක්නට ලැබේ. සරල බණ කථා ශෛලිය, ගැමි වහර, වියත් වහර, ආකෘතිය, දිගු වැකි ,කෙටි වැකි , උපමා උපමේය ,‍ ව්‍යංගාර්ථ ,සංකේත , වාක් චිත්‍ර ,නාට්‍යෝචිත අවස්ථා ,සංවාද ,සත්ත්ව චරිත යොදා ගැනීම , චරිත නිරූපණය ,උපහාස රසය , හාස්‍ය රසය යනාදියෙන් ජාතක කථාවන් පෝෂණය වේ. මේ නිසා ජාතක කතා පොත තරම් සිංහල වර්ගයා කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය ග්‍රන්ථයක් නොමැති යැයි පැවසීම සාවද්‍ය නොවේ .
               ජාතක කතා පොතේ එන විශේෂ  සාහිත්‍යයමය ලක්ෂණය වන්නේ එය   උගතාටත් නූගතාටත් එක සේ රස විඳීමේ හැකියාවක්  තිබීමයි. ජාතකපොත රසවිඳීමට විශේෂ දැනුම් සම්භාරයක් අවශ්‍ය නොවේ අවශ්‍ය වන්නේ සිංහල සංස්කෘතිකාංග භුක්තිවිඳීමේ වාසනා ගුණය පමණකි.

  • වෙස්සන්තර ජාතකය
  • උම්මග්ග ජාතකය
  • කුස ජාතකය

            ආදිය වින්දනය කරන්නේ බුද්ධියෙන් නොව හදවතිනි . අසන්නා හෝ පාඨකයා අර්ථ රසය විදියී. එමෙන්ම පොදු වහර හෙවත් ගැමිවහර හේතුකොටගෙන ජාතක කතා පොතේ භාෂාත්මක අගය තීව්‍රවේ.එය වියතාටත් පොදු රූපී වන ගැමියාටත් පොදු වන සරල බස්වහරකි.කවර සිද්ධියක් හෝ අවස්ථාවක් මනරම්ව මනහරව ‍ප්‍රකාශ කිරීම සඳහා ජාතක කතාකරු යොදාගත් භාෂාව මනාව උපයෝගී වී ඇත.
             "ඒ අසා අත්වැසි පුරුෂ මහා බෝසතාණන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්ය පියා සිටි කල්හි තෙමේ වීර්ය නො හැර ළිඳට බැස ගලතල මත්තේ යකුල ගණනක් එලාපූයේ ය. එකල්හි ගලතල මාධ්‍යයෙන් බිඳි යට වැටී  අවිච්ඡින්න ව  පවත්නා වූ ජල ප්‍රවාහය ඇස් වහාගෙන සිටියේය"
                   ( වණ්ණුපථ ජාතකය)
              එමෙන්ම  ජාතක කතා පොතට විශේෂ වූ  ආකෘතියක් දක්නට ලැබීම ද  විශේෂ සාහිත්‍යමය ලක්ෂණයකි.
  • පච්චුප්පන්න වත්ථු (වර්තමාන පුවත )
  • අතීත වත්ථු(අතීත පුවත )
  •  වෛය්‍යාකරණ( ගාථාවල අදහස් හා වචන විස්තර)
  •  ධර්මාවවාදය ( උපදේශය)
  • සමෝධානය (අතීත හා වර්තමාන කතාවල චරිත හා චරිතාංග ගැළපීම ) 
           ලෙසින් ජාතක කතා පොතට පොදු වූ ආකෘතියක් ඇත. එහෙත් සමහර ජාතක කතාවල මෙම අංග එලෙසින්ම දක්නට නොලැබේ .
      
   එමෙන්ම චරිත නිරූපණය ද ඉතා විශිෂ්ට ලෙස ජාතක කතාකරුවා නිරූපණය කර ඇත.සර්වකාලීන මනුෂ්‍ය චින්තනය ,මනුෂ්‍ය ගති පැවතුම් මනාව නිරූපණය කරන ජාතක කතා පොතේ කවර අන්දමේ චරිතයක් වුවද සොයාගත හැකියි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ  කථා චරිත හඳුන්වනු ලබන්නේ චරිත විවිධ දුටුවන්ගේ කතා නමිනි.
 "සාමාන්‍යයෙන් සුචරිතය හුවාදැක්වීම දුෂ්චරිතයට නිගා කිරීමක් දක්නට ලැබෙන නමුත් ජාතක චරිත ප්‍රායෝගික ජීවිත හා බැඳුණු ඒවා වේ. දුෂ්ටකම් හා කුහකකම් පමණක් නොව ඇතැම්විට ගුණද විදහා දැක්වීම සදහා ජාතක කතා වලට වස්තු විෂය වනුයේ පොදු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ තොරතුරුය"         යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසයි
  • උදාහරණයක් ලෙස:
          ඡද්දන්ත ජාතකය ගත හැකිය. ඡද්දන්ත හස්තිරාජයා කෙරෙහි නිස්කාරණයේ හටගත් වෛරය නිසාවෙන්   චුල්ල සුභද්‍රා නම් ඇතිනිය සුබහු නම් මිනිස් දුවක ව ඉපිද බරණැස් රජුගේ අගමෙහෙසිය වී ඡද්දන්ත හස්තිරාජයා මස් වැද්දකු ලවා ඝාතනය කරවා ඉනික්බිති වටිනා දළ යුවළ ලබා ගනී.නමුත් පෙර භවයේ තම ස්වාමියා වූ ඇත් රජුගේ දළ යුවළ එතුමාගේ ගුණ කදම්භය සිහිපත්ව පැලී මිය යන්නීය . එමෙන් ම ධර්මපාල ජාතකය , මධුපානී ජාතකය , කණවේර ජාතකය ආදි ජාතකවල් ඉතා උසස් ලෙස චරිත නිරූපණය කිරීමට ජාතක කතාකරුට හැකි වී තිබේ.

  •                        මනුස්ස චරිත  හුවා දැක්වීමට සත්ත්ව චරිත යොදා ගනු ලැබීම ජාතක කතා පොතේ එන තවත් විශේෂ ලක්ෂණයකි. තිරිසන් සතුන් මගින් ද පොදු මනුෂ්‍ය  චින්තනයේ දුර්ලභ වන ගතිගුණ හුවා දැක්වීමට ජාතක කතාකරු සමත්වෙයි. ඡද්දන්ත ජාතකය
  • මහිලාමුඛ ජාතකය 
  • අඡඤ්ඤක ජාතකය 
  • නච්ච ජාතකය 
  •  ගුණ ජාතකය
  • නන්දිවිසාල ජාතකය 
  •  කුක්කුර ජාතකය 
  • චුල්ල හංස ජාතකය  

          ආදී කතා රැසක තිරිසන් සතුන් දැක ගත හැකිය. උන්ගේ මානුෂීය චින්තනයට ලබා දෙන ආදර්ශත් ,පරමාදර්ශත් කතා රසයත් ඉමහත්ය.
                            බෝධිසත්ව හා දේවදත්ත චරිතය වනාහි බොහෝ විට ජාතක කතා පොතේ එන ප්‍රධාන චරිත දෙකක් වේ. ඒවා ඇතැම් වර්තමාන නවකතාවෙන් දක්නට ලැබෙන කළු  සුදු චරිත මෙන් නොව හොඳ නරක ඉගැන්වීම සඳහා මූර්තිමත් කෙරෙන සංකේතාත්මක චරිතය.බෝධිසත්ව චරිතය  වූ කලී පරමාදර්ශය සංකේතයයි.දේවදත්ත  චරිතය වූ කලී දුෂ්ටයාගේ චරිතය නොව මනුෂ්‍ය දුර්වලකම් හඟවන සංකීර්ණ චරිත ලක්ෂණ ඇත්තකි. බෝධිසත්ව හා දේවදත්ත යන මේ තත්ත්වය ආලෝකය හා අඳුර විද්‍යාව හා අවිද්‍යාවත් ගම්‍යමාන කරවන ප්‍රබල සංකේත දෙකයි.
                         පන්සිය පනස් ජාතක පොතෙහි එන භාෂාව ගත්කල එහි එන භාෂා ප්‍රයෝග ද එකිනෙකට වෙනස්ය. වෙස්සන්තර ජාතකය උම්මග්ග ජාතකය  භාෂා රටාව අතින් සම නොවේ. වෘත්තගන්ධී ශෛලියෙන් ලියැවුණු ජාතක කතා කිහිපයක්ම එහි ඇත.
                                        සිද්ධියත් චරිතයත් පාඨකයාත් අතර සියුම් ගැටුමක් ඇති කිරීම තුළින් රස ජනනය කරන නාට්‍යමය අවස්ථා නාට්‍යෝචිත අවස්ථා බොහොම සංඛ්‍යාවකින් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පරිපූර්ණ වී ඇත.යහපත් වූ සුභාසිත වචන ම කථා කරන්නට ජනයාට අවබෝධ කරදෙන නන්දිවිශාල ජාතකය නාට්‍යමය රසයක් ඇති කරමින් නාට්‍යෝචිත අවස්ථා කිහිපයකින්ම සමන්විත බව දක්නට ලැබේ.
                       ලොව්තුරු කලණ ධර්මතාවයේ අගය මුළු ලොවටම හෙළි කළ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අති උතුම් චරිතයත් ඒ මඟ යමින් ශ්‍රී සද්ධර්මය දිවිහිමියෙන් රැක ගන්නා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චර්යා ධර්මයනුත්  මුසුකරමින් නිර්මිත චුල්ලහංස ජාතකය පුරාම ඇත්තේ නාට්‍යෝචිත අවස්ථාවන්ය. බුදුපියාණන්ගේ යශෝරාවය දැක ඉවසා දරා සිටිය නොහැකි දුසිල්වත් ජන්මාන්තර වෛරක්කාරයෝ වන දේවදත්ත තෙරුන් සොළොස් රා කලයක් පොවා මත් කරවූ චණ්ඩ පරුෂ නාලාගිරි හස්තියා බුදුන් වඩින  වීදියෙහි මෙහෙයවයි. බුදුරදුන් කෙරෙහි අනන්ත අප්‍රමාණ ගුණ ගෞරවයකින් යුතුව ආනන්ද මහා තෙරුන් වහන්සේ බුදුරදුනුත් ඇතුත් මැද්දට පැන පළමුව මට විපතක් වේවායි කියා සිටියේය. ඉවත්ව යන ලෙස බුදුන් වහන්සේ ප්‍රකාශ කළ ද කලණමිතුරු ගුණ වඩා බලවත් වූ නිසාත් ගුරුවරයා කෙරෙහි වූ අමිල භක්තිය නිසාත් බුදුරදුන්ගේ නියෝගය යට පත්විය. දෙවැනි වතාවේ බුදුරදුන් කුමක් කරන්නේද යන කුකුසෙන් පාඨක, ශ්‍රාවක සිත් තිගැස්මකට පත් කරවන ජාතක කතාකරු  නාට්‍යෝචිත ආකාරයට එය ඉදිරිපත් කරයි.
                              ජාතක කතාකරුගේ චිත්තරූප දැනවීම ද නාට්‍යෝචිත අවස්ථාවන් මෙන්ම සුවිශේෂී ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේ පැවසීමට තරම් සජීවි බවකින් නාට්‍යමය ගුණය ද මුසු  කරමින් මෙවැනි අවස්ථා නිරූපණය කර ඇත. සරල වුවද සංකීර්ණ වුවද ඕනෑම ගැටලුවකට පිළිතුරක් ද ඒ සමඟම වේ. එහෙත් එය සොයාගැනීමට බුද්ධිය හා තර්කය අවශ්‍යවේ.මහාසාර ජාතකය ද චිත්ත-රූප දනවන්නට සමත් ජාතක කථාවක් ලෙස පෙන්වාදිය හැකිය.
                       ජාතක කතා පොතේ එන ජාතක හාස්‍ය හා උපහාස රසයෙන් ද යුක්ත වේ. තත්කාලීන සමාජ විෂමතා, පාලන තන්ත්‍රයේ දුර්වලතා විසීමට බොහෝවිට මෙම උපහාසය යොදා ගනු දක්නට ලැබේ. නාම සිද්ධි ජාතකයේ එවැනි අවස්ථා දක්නට ලැබේ.එමෙන්ම මහාසාර ජාතකය ද හාස්‍ය රසය දනවන අවස්ථා ඇත. අවිචාරවත් නිසා මහාසාර පළඳනාව තෝරාගත් තැනැත්තා අල්ලා ගත නොහී ගැමියෙකුත්, නගරයේ සිටුවරයාත්, ගාන්ධර්වයාත්  නිරපරාදේ සිරගත කරයි.එවිට ඔවුන් අතර ඇතිවන සංවාදයක්  ජාතකකතාකරු හාස්‍ය හා උපහාසය දක්වන ආකාරයට දක්වා ඇත.
                          ජාතක පොතෙහි එන තවත්   විශේෂ  සාහිත්‍ය ලක්ෂණයක් වන්නේ ජාතකට්ඨ කථාවට අමතරව වෙනත් වර්ණනාත්මක ඡේද කතාවට අන්තර්ගත කොට ගෙන තිබීමයි.බුදුන්වහන්සේගේ ගුණ කීමටත් උන්වහන්සේ ගඳකිළියේ නිකුත්වන අයුරු කීමටත් මෙම වර්ණනා යොදාගනී.  භූරිදත්ත ජාතකය ,උම්මග්ග ජාතකය , නාලාගිරි ,වෙස්සන්තර ජාතකය  යන ජාතක කතා වල මෙවැනි වර්ණනා දක්නට ලැබෙන අතර ඒවා එකිනෙකට වෙනස්ය.
                         සංවාද කථනයෙහි හා අවස්ථා නිරූපණයෙහි ජාතක කථා කරුගේ සාමාර්ථය විමසීමද රසවත් වේ.උපමා රූපක ගෙන හැර පෑමෙහිද  ජාතක කතාකරුවන්ගෙන් රුචිය කතාව  රසවත්ද කිරීමෙහිද, චරිත ගැඹුරු කිරීමෙහි ද  අවස්ථා නිරූපණයෙහි ද ප්‍රබල ව සිටි බව සඳහන් කළ යුත්තකි.
               උපමා උපමේය අලංකාරයන්ගෙන්ද සමස්ත  ජාතක පොතම  පෝෂිතය. අවස්ථා හා සිද්ධි නිරූපණය සංවාද, චිත්ත රූප මැවීම අතින් නිදර්ශන අඩුවක් නොවේ.
              එමෙන්ම එහි එන අනුප්‍රාසත්මක භාෂා රටාවන්ද කතාව තුළ එන අරුතට වැඩි අලංකාරයක් ලබා දෙනු වස් බොහෝ සෙයින් උපකාරී වී ඇත.
                    මේ අගය කිරීම්වලින් යුක්ත වන ජාතක කතා පොත නිර්මාණාත්මක ලක්ෂණ පිළිබිඹු කිරීමෙහිලා විශේෂ වන්නේ ජාතකට්ඨකතාවේ ඇති ජාතකය එලෙසින්ම නොගෙන රසවත්ව ප්‍රතිනිර්මාණය කිරීම තුළිනි.

Saturday, July 6, 2019

කුරුණෑගල යුගය




      කුරුණෑගල යුගයේ පළමු රජු වන්නේ දෙවන බුවනෙකබාහු රජුය.ඒ ක්‍රි.ව.1293 දීය.මෙසේ ඇරඹුණු කුරුණෑගල රාජධානිය හෙවත් හස්තිශෛලපුරයෙහි රාජ්‍යත්වයට පත් රජවරුන් සිව්දෙනෙකු පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍ර කරුණු සපයයී.එනම්

  1. දෙවන බුවනෙකබාහු හෙවත් වත්හිමි බුවනෙකබාහු (ක්‍රි.ව.1293 - 1302 ),
  2.  හයවන පණ්ඩිත පරාක්‍රමබාහු  (ක්‍රි.ව.1302 - 1326 ),
  3.  තුන්වන බුවනෙකබාහු හෙවත් වන්නී බුවනෙකබාහු ,
  4. පස්වන විජයබාහු හෙවත් සවුළු විජයබාහු ( ක්‍රි.ව.1335 -1341 )                  එකී රජවරුන්ය.


  •                දෙවන බුවනෙකබාහුගෙන් පසුව රජ්‍යත්වයට පත්වන්නේ ඔහුගේ  පුත් හතරවන පරාක්‍රමබාහුය.කුරුණෑගල යුගයේ දීර්ඝතම රාජ්‍ය කාලය වන්නේ මෙතුමාගෙ රාජ්‍ය කාලයයී.එමෙන්ම කුරුණෑගල යුගයේ සියලුම ඓතිහාසික තොරතුරු ද හතරවන පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයට අයත්වේ.හතරවන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය තුළ ලක්දිව ස්ථාවර සම්භවයක් පැවති බව චූලවංශයේ සදහන් කර ඇත.කුරුණෑගල රාජධානියේ උච්චතම අවස්ථාව හතරවන පරාක්‍රමබාහු රජ සමය වේ.දළදා සිරිත නම් ග්‍රන්ථයක් ස්වකීය රාජ්‍ය කාලය තුළදී කරවීය.මේ කෘතිය දෙව්රදදම් පසගිනාවන් අතින් විරචිත බව පිළිගත් මතයකි.එමෙන්ම ශාස්ත්‍රෝන්නතිය උදෙසා හතරවන පරාක්‍රමබාහු රජු පිරිවෙන් තැනවූ අතර සාහිත්‍යාභිවර්ධනයට රාජකීය අනුග්‍රහය අපමණව ලබා දුන්නේය.
  • පන්සිය පනස් ජාතක කථා පොත
  • චූලවංශය  
  • සූර්‍ය ශතකය 
  • බෝධිවංසය 
  • අනාගත වංශය 
  • දළදා සිරිත                                                                                   ආදි ග්‍රන්ථ රචනා වන්නේ මේ රාජ්‍ය කාලයේදීය.එමෙන්ම ක්‍රි.ව.1312 දී මහනුවර අස්ගිරි සේනාසනය ඇරඹුණේ ද මේ රජුගේ අනුග්‍රහයෙනි.මෙම රාජ්‍ය කාලයේ සාහිත්‍ය හා ශාසන සේවාවන්හි නියුක්ත වූ සුප්‍රකට පඩිවරුන් අතර ශ්‍රී පරාක්‍රමබාහු , විල්ගම්මුල සංඝරාජ මාහිමියන් වහන්සේ යන දෙපල විශේෂයෙන් සදහන් කළ හැකිය.සිංහල බෝධිවංසය ආදී ග්‍රන්ථන් මෙකල ලියැවී ඇත්තේ හතරවන පරාක්‍රමබාහු රජුගේ ආරාධනයෙනි.

Tuesday, July 2, 2019

පන්සිය පනස් ජාතක පොත 📚

    හැදින්වීම

  පන්සිය පනස් ජාතක පොත චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථ යන වර්ගීකරණයට අයත් වුවද එහි නූතන සමාජ ජීවිතය කෙරෙහි ගැඹුරු ලෙස බලපාන්නා වූ සනාතන ධර්මයන් අඩංගුය.කුරුනෑගල යුගයේ රචනා වූ එය
   ජන ජීවිතය මෙන්ම භාෂාව සාහිත්‍ය වැනි අංශයන් කෙරෙහි ඇති කරන ලද බලපෑම පිළිබඳ උදාහරණ රාශියකී.පන්සිය පනස් ජාතක පොත ඉන්දීය සමාජයේ බිහිවී භාරතීය තොරතුරු පිළිබඳව කරැණු හෙළිදරව් කළද එයට සමගාමීව ශ්‍රී ලාංකීය සමාජයටද ජාතක කතා අදාල වීම සුවිශේෂි කරුණකී.ජාතක පොත සදාචාර දරිශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනා ගත හැකිය.ජාතක කතා සාහිත්‍යමය අගයෙන් ද අනූන වන්නකී.උපමා රූපක ආදී අලංකාර යොදා ගැනීමෙන ඒවාගෙ අඩුවක් නොමැත.ආඛ්‍යාත ස්වරූපය ඊට අයත් මූලික ලක්ෂණ වුවද සංවාද ලක්ෂණද එහි දක්නට ඇත.බෞද්ධ චින්තනය වඩාත් ප්‍රකට කරවන ජාතක කතා අකාලික වූ ධර්මය මෙන්ම අකාලික වෙයී.
                 " සමාජ භාෂා රීතිය ." අලංකාර " නැමැති නිසරු බමුණු වදනින් දූෂණය නොකරන ලද සරල කතා වස්තු පරණවීමෙන් කිසිකලෙක අභාවයට නොයන මානව චරිතාංග යන මෙතෙක් දෙයින් උසස් තැනක් ගන්නා ජාතක පොත "
                  (මාර්ටින් වික්‍රමසිංහ )
         මේ ආකාරයට විද්වතුන් මත දක්වන ජාතක පොත තුළ අඩංගු වන්නේ එක්තරා යුගයකට පමණක් අදාල කරගත හැකි සිදුවීම් මාලාවක් නොවේ.එය සර්ව කාලීන        ගුණයෙන් හෙබි වූවකී.මිනිස් සිත තුළ විවිධ සිතුවිලි ඇති වනතුරුම ජාතක පොතෙහි ඇති විවිධ කතා වැදගත් වනු ඇත.
         පන්සිය පනස් ජාතක පොතෙහි මුඛ්‍යාර්ථය සත්ත්වයන් සංසාරයෙන් එතර කිරීම ලෙස පෙන්වා දිය හැකිය.ජීවිතයේ නොයෙකුත ගැටුම් සදහා සැනසුම ලබා දන කෘතියක් ලෙසද මෙය පෙන්වා දීම වරදක් නොවේ.
          සමස්තයක් ලෙස ගත්කල ජාතක කතා පොත යහපතෙහි අගය ලොවට ඒත්තු ගැන්වීම සදහා රචනා කරන ලද්දක් බව වැටහෙයී .ජාතක කතා පොත ඇසුරෙන් මිනිසුන්ගේ චර්‍යාවන් විමසීමට ලක්කොට ඇත.බොහෝවිට සත්තව චරිත උපයෝගී කොටගෙන දක්වා ඇත්තේද මිනිස් චර්‍යා රාටාවන්‍ වේ.සමාජයට පටහැනි නොවන ආකාරයට සමාජය තුළ වීසීම සෑම පුද්ගලයෙකුගේන්ම බලාපොරොත්තු වන ගුණාංගයකි.එසේ ජීවත් වීමට ජාතක කතා පොත මනා පිටුවහලකී.එසේ ජීවත් නොවන්නන් සමාජ විරෝධීන් මෙන්ම අයහපත් මිනිසුන් ලෙස හැදින්වීමට සිදුවේ.සමාජ විද්‍යාත්මකව බලන කල මෙබදු සමාජ අපගම්‍යතාවන්ට යොමුවන්නේ ධර්මතාවන්ගෙන් තොරවූවන් වේ.
     ජාතක කතා පොතෙහි එන බොහෝ ජාතක ඒ සදහා උදාහරණ සපයන අතර
       *සත්තුකුම්භ ජාතකය
       *මහිලාමුඛ ජාතකය
    යන ජාතක කතා දෙක ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකිය.
       ජාතක කතා තුළ ප්‍රධාන චරිතය වන්නේ බෝධි සත්ත්ව චරිතය වන අතර ඒ චරිතය සමාජයේ වෙලෙමින් ගැටෙමින් උසස් ආධ්‍යාත්මයක් ඇතිකරගනු පිණිස පාරමිතා පුරන්නාවූ චරිතයකි.විවිධ ජාතක කතා තුලින් නිරූපණය වන්නේ එයයී.


සමාජ ජිවිතය තුළ ගැටුම් නිරාකරණය කරගැනීමට ජාතක පොතෙන් ලැබෙන පිටුවහල

                              ජාතක පොත සදාචාර දර්ශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනාගත හැකි අතර බෞද්ධ දර්ශනය තුළ ගැබ්වූ අපරාධ විද්‍ය...