ජාතක පොත සදාචාර දර්ශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනාගත හැකි අතර බෞද්ධ දර්ශනය තුළ ගැබ්වූ අපරාධ විද්‍යා චින්තනය එතුළින් දැක්වේ.
"ජාතක කතාවෝ සාහිත්‍යමය අගයෙන්ද අනූනවුවෝය. උපමාරූපක ආදී අලංකාර වලින් ඒවායේ අඩුවක් නොමැත.අඛ්‍යාත ස්වරූපය ඊට අයත් මූලික ලක්ෂණ වුවද සංවාද ලක්ෂණ ද එහි දක්නට ඇත.භාරතීය රසාදයට අයත් යම් යම් කරුණු බෞද්ධ දර්ශනයට අනුව ඒවායෙහි සියුම් ලෙස දියුණුවී ඇත.ජාතක කතා පොත විවිධ එළඹුම් ඔස්සේ විග්‍රහකොට දැක්විය හැකිය.එහි අගය සාහිත්‍යාත්මක දෘෂ්ටියෙන්ද සමාජ විද්‍යාත්මක කෝණයකින් ද, දේශපාලනික දැක්මකින්ද ,බෞද්ධ සදාචාරය පිළිබඳ එළඹුමක් ලෙසින් ද ආදී විශේෂණයන් ඔස්සේ විමසුමට ලක්කළ හැකිවේ.

මේ ආකාරයට ජාතක කතා පොත තුළ අඩංගු වන්නේ එක්තරා යුගයකට පමණක් අදාල කරගත හැකි සිදුවීම් මාලාවක් නොවේ. .එහි සර්වකාලීන ගුණය දක්නට හැක.මිනිස් චෛතසිකය තුළ විවිධ මනෝභාවයන් හටගන්නා තුරුම ජාතක පොතෙහි ඇති විවිධ කතා වැදගත් වනුඇත.පන්සිය පනස් ජාතක පොතෙහි මුඛ්‍යාර්ථය සත්ත්වයන් සංසාරයෙන් එතර කිරීම ලෙස දැක්විය හැකිය. ජිවිතයේදී නොයෙකුත් ගැටුම් අතර පීඩනයට පත්ව සිටින මනුෂ්‍යන් සඳහා ශාන්තිය ලබා දෙන්නාවූ කෘතියක් ලෙස එය හැදින්විය හැකිය.
සමස්තයක් ලෙස ගත්කළ ජාතක කතා පොත යහපතෙහි අගය ලොවට ඒත්තු ගැන්වීම සඳහා රචනා කරන ලද්දක් බවද වැටහෙයී.එම හේතුව නිසා මිනිසුන්ගේ විවිධ චර්‍යාවන් විමසුමට ලක්කොට ඇත.බොහෝවිට සත්ත්ව චරිත උපයෝගී කොටගෙන දක්වා ඇත්තේ ද මිනිස් චර්‍යා රටාවන් ය.සමාජ ධර්මතා කඩ නොකර සමාජය තුළ විසීම සෑම පුද්ගලයෙකුගෙන්ම බලාපොරොත්තු වන ගුණාංගයකි.එම සමාජ ධර්මතා අනුව ජීවත්වීමට ජාතක කතා පොත මඟ පෙන්වා දෙනු ලබයී.
එසේ ජීවත් නොවන්නන් සමාජ විරෝධීන් මෙන්ම අයහපත් මිනිසුන් ලෙස හැදින්වීමට සිදුවේ.එය විද්‍යාත්මකව මෙබඳු වූවන් සමාජ අපගම්‍යතාවයන්ට පෙළඹෙන්නන් ලෙසද ධර්මතා තොරවූවන් ලෙසින් ද හදුන්වනු ලබයී.
සත්තිකුම්භ ජාතකය තුළ එබඳු අවස්ථාවක් දක්නට ලැබෙයි. අයහපත් පරිසරයෙහි හැදී වැඩුණු සත්තිකුම්භ නම් ගිරවා සිය පරිසරයෙහි බලපෑමෙන් අයහපත් චරිතයක් ඇත්තෙකු බවට පත්වේ. පුද්ගලයෙකු හැදී වැඩෙන පරිසරයේ බලපෑම ඔහුගේ අධ්‍යාත්මය කෙරෙහි දැඩි සෘජු බලපෑමක් එල්ල කරනු ලබයී.මෙය සමාජ විද්‍යාත්මකව බලන කල සමාජානුයෝජන ක්‍රියාවලියේ එනම් කුඩා දරුවෙකු සමාජානුයෝජනය වීමේදී පවුල ,ළදරු පාසල , දහම් පාසල හා පාසල ඔහු ඇසුරු කරනු ලබන සමාජ වටපිටාව ඔහුගේ සමාජානුයෝජන ක්‍රියාවලියට හේතුපාදක වේ.

No comments:
Post a Comment