Tuesday, July 9, 2019
ආධ්‍යාත්මික පදනම
ආගම් වලින් ඉදිරිපත් කරනු ලබන ජීවිතය පිළිබඳ ආධ්‍යාත්මික පදනම් බැහැර කරන නූතන සමාජය ඔවුන්ගේ ජීවිතයේ පටු පරමාර්ථයන් සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන මූලික මාධ්‍ය වන ධනය ඉපයීම සඳහා හැකි සෑම ක්‍රමයක්ම උපයෝගී කර ගනු පෙනේ. එයට හේතු වී ඇත්තේ පුද්ගල සැනසීම හා සුවය රඳා පවතින්නේ භෞතික සරුසාරව මතය යන සත්‍යයට ඔවුන් නතු වීමයි. මෙම හැඟීමෙන් යුක්ත පුද්ගලයා කවර මාර්ගයකින් හෝ තමා අය මාර්ගය වැඩි කරගැනීමට යත්න දැරීම යන ස්වභාවිකය ප්‍රයත්නයේදී ආධ්‍යාත්මිකව තමාටද බාහිර වශයෙන් සමාජයට වන හානිය පිළිබඳව ඔහු කල්පනා නොකරයි. ධනය මුල්කොට ඇති භෞතික සැප සම්පත් කර ගැනීමට දරන ප්‍රයත්නයේදී පුද්ගලයාට තම සහෝදර ප්‍රජාවගෙ වටිනාකම අමතක වී තම භෞතික පරමාර්ථයන් ඉටුකර ගැනීම සඳහා ඉතා දරුණු අපරාධයක් කිරීමට පවා විටෙක ඔහු පෙලඹේ. මේ තත්ත්වය මත කැපී පෙනෙන ලක්ෂණය නම් සමාජයක් තුළ විශාල අර්ථයක් විනා අල්ප මාත්‍රයක් වූ ද අනවශ්‍ය සුඛයක් නොවීමයි. තම අතීතය ප්‍රත්‍යාවේක්ෂණය කිරීමේ දී එහි නිරවද්‍යතාවයක් නො දක්නා පුද්ගලයා හට ඉන් ඇති වන්නේ බලවත් පශ්චාත්තාපයකි. බොහෝවිට කළුරිය කිරීම සිදුවන්නේ උන්මන්තකයෙකු හෝ මනසින් වද විඳින අවාසනාවන්තයන් හෝ බවට පත්වීමෙනි. සිත සහනයක් නැති විට කෙතරම් නම් භෞතික සම්පත් තිබුණද එයින් ඇති ඵලය කිමද අද සමාජය අපේක්ෂා කරන ප්‍රගතිය මෙබඳු වූවක් නම් බෞද්ධ ධර්ම මාර්ගය අවශ්‍යයෙන්ම එයට බාධාවක් බව සත්‍යයකි.
Subscribe to:
Post Comments (Atom)
සමාජ ජිවිතය තුළ ගැටුම් නිරාකරණය කරගැනීමට ජාතක පොතෙන් ලැබෙන පිටුවහල
ජාතක පොත සදාචාර දර්ශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනාගත හැකි අතර බෞද්ධ දර්ශනය තුළ ගැබ්වූ අපරාධ විද්‍ය...
-
ජාතක කතා රචනා කිරිමේ කතා රචනා කිරීමේ මුඛ්යාධාශය වන්නේ මිනිස් සමාජය කෙරෙහි වටිනා ධර්මෝපදේශයක් ලබාදීමයි. එසේ වුව ද ජාතක කතා තුළින් ...
-
මඛාදේව ජාතකය නාලාගිරි නන්දිවිසාල ජාතකය අපණ්ණක ජාතකය ඡද්දන්ත ජාතකය චුල්ල හංස ජාතක වෙස්සන්තර ජාතකය ...
-
හැදින්වීම පන්සිය පනස් ජාතක පොත චිරන්තන සාහිත්‍ය ග්රන්ථ යන වර්ගීකරණයට අයත් වුවද එහි නූතන සමාජ ජීවිතය කෙරෙහි ගැඹුරු ලෙස බලපාන්නා වූ ස...
No comments:
Post a Comment