Tuesday, July 9, 2019

පුද්ගල බද්ධ ගැටලු සදහා විසදුම් පන්සිය පනස් ජාතක පොත ඇසුරෙන්

පුද්ගල බද්ධ ගැටලු හා බුදු දහම
       
        සමාජය පුද්ගල ගැටලුවලින් පිරී ඇත. ඒ ගැටලු අභ්‍යන්තර හා බාහිර වශයෙන් කොටස් දෙකකට බෙදේ. අභ්‍යන්තර ගැටලු  වලට හේතුව වන්නේ තෘෂ්ණාවයි.බාහිර ගැටලු ද රාශියකි.ඒ ගැටලු සියල්ලටම බුදුරජාණන් වහන්සේ විසඳුම් ලබාදී ඇත.  බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් ලොව පහල වන්නේ දුක -  දුකට හේතුව - දුක නිවීම- දුක නිවීමේ මග ප්‍රකාශ කිරීමට ය. එය අනෙකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.එම මාර්ගය අනුගමනය කරමින් දුකින් මිදීම ගැටලුවලින් නිදහස් වීම පහසු කාර්යයක් නොවේ. එම නිසාම නිවන් මඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒ තත්ත්වයට පැමිණෙනතුරු වාසනාවන්ත ජීවිත ගත කිරීමට උපකාරී  වන ජීවන මාර්ග ද ප්‍රකාශ කළසේක. මේ කරුණු මනාව නො දක්නා ඇතැම් වූ උගත්තු බුද්ධ ධර්මය පරලොවට තිබෙන ආගමක් යැයි කියති. එය මුලාවකි බුද්ධ ධර්මයේ තිබෙන කරුණු වලින් සියයට අසූවක් පමණ මෙලොව දියුණුව සඳහා ය. මෙලොව නිවැරදි දියුණුවක් ලබා සිටින්නෙකුට පරලොව දියුණුව නිර්වාණය අවබෝධය පහසු වෙන්නේ ද එවැන්නෙකුට බවත් බුද්ධ ධර්මය ප්‍රකාශ කරයි.

   1.පුද්ගල ගැටලු

                       පුද්ගලයා පිළිබඳ  ගත්කල  ලොව පඬ්වරු නොයෙක් ආකාරයට විග්‍රහ කළහ. ඒ අතර බෞද්ධ පඬිවරු මනස්ස උස්සන්නතාය  මනුස්සා දියුණු වන මනසක් ඇත්තේ මිනිසා යැයි විග්‍රහ කළහ. හැම සත්ත්වයකුටම මනසක් ඇත.එහෙත් මනස දියුණු කිරීමක් නැත. තිරිසනාට මනසක් ඇත. එහෙත් දියුණු කිරීමක් නැත. එහෙයින් තිරිසනා වුවත් තිරිසනාමය.නියම මිනිසා මොහොතක් පාසා මනස දියුණු කරන්නාය. එහෙයින් බුද්ධ ධර්මයෙහි සඳහන් ඉහළම තත්ත්වය එනම් බුද්ධත්වය ලැබිය හැක්කේ මිනිසාට පමණයැ'යි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ලොව පිහිටා තිබෙන්නේ දුක් මත යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවුරුදු දෙදහස් පන්සියයකට පෙර ය. ඒ දුක් කායික දුක්ඛ මානසික දුක්ඛ වශයෙන් බෙදා වදාළහ. එසේම සුඛ ද කායික සුඛ මානසික් සුඛයයි බෙදා වදාළහ. පුද්ගලයකුට  කායික සුවය මෙන් මානසික් සුවය ද ඉතා වැදගත් වේ. මෙම සුවයන් ගෙන් තොර වීම පුද්ගල ගැටලු ලෙස පෙන්වා දිය හැකියි.

    2.ආර්ථික ගැටලු                                                                                                                                    ආර්ථිකය නැගීමෙන් ගැටලු ඇතිවෙයි. ආර්ථිකය බැසීමෙන් වූවත් ගැටලු ඇතිවේ. ආර්ථිකය බැසීමෙන් ඇතිවන ගැටළු වලට වඩා ආර්ථිකය බැසීමෙන් ඇතිවන ගැටළු වලට වඩා ආර්ථිකය නැගීමෙන් ඇතිවන ගැටලු භයානකය විනාශදායක ය . වර්තමානයේ පුද්ගලයා දියුණුවේ කතාව අරඹන්නේ ම ආර්ථිකයෙන් ය  .  එසේම වසර දෙදහස් පන්සියයකට පෙර ද බුදුරජාණන් වහන්සේත් සමාජ දියුණුවේ   කතාව ආරම්භ කරන ලද්දේ ආර්ථිකයෙන් වර්තමාන පුද්ගලයා ආර්ථික දියුණුවෙන් දියුණුව සම්පූර්ණ කරති. එහෙයින් ආර්ථික දියුණුව වැඩිවෙත්ම ආර්ථික ගැටලු ද වැඩිවේ. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි දී   සමාජ  යෙහි දියුණුව ආර්ථිකයෙන් ම ආරම්භ කලත් ගැටලු ඇති නොවන්නට තවත් කරුණු පෙන්වා දී ඇත.

  • නුවණින් උත්සාහයෙන් නිපදවන්න   නිපදවපදවන දේ රැකගන්න
  • ඉතිරි කරන්න
  • ආදායමට සරිලන සේ වියදම් කරන්න
  • කල්‍යාණ මිත්‍රයන් ළං කරගන්න 
  • තමන්ගේ ආගම හොඳින් අදහන්න
  • සදාචාර සම්පන්න වන්න
  • පරිත්‍යාගශීලී වන්න
  • ප්‍රඥාවෙන් ජීවත් වන්න

           මේ පිළිවෙත අනුගමනය කරන්නා හට ආර්ථික ගැටලු ඇතිවන්නේ නැත .   

 3.තරුණ ගැටලු
     
                 වර්තමාන ලෝකයේ ගැටලු පිළිබඳව කතා කිරීමේදී විශේෂ ගැටලුවක් ලෙස තරුණ ගැටලු පෙන්වාදිය හැකිය. අසහනය ගැන කතා කරන විට වැඩියෙන්ම අවධානය යොමු වන්නේ තරුණ තරුණියන් දෙසටය.තුරුණු ගැටලු යනුවෙන් සඳහන් වන්නේ ද එයයී.දියුණුයැයි සැලකන රටවල තුරුණු ගැටලු වල පසුබිම කාමය බව මැනවින් පෙනෙයි. දියුණු රටවල් කාම සම්පත් විඳින්නට හැම පහසුකමක්ම තිබියදීත් ඒවායේ කාම අපරාධ ඉතා දිග වී ඇත. දියුණු රටවල් උත්පත්ති පාලන ක්‍රම රාශියක් පැතිරී ඇත. ඒ සියල්ලම ක්‍රියාත්මක වෙද්දී අනියම් ගැබ් ගැනීම් හා නුවමනා ගැබ්ගැනීම් නොදැරිය හැකි තරම් වැඩි වී ඇත. එහෙයින් සමහර රටවල් ගබ්සා කිරීම නීත්‍යානුකූල කොට ඇත. බුදු දහමට අනුව මනුෂ්‍ය ඝාතනය පාපයකි.සුදුසු වයසට හා තත්ත්වයට පත් වූවාට පසු අවාහ විවාහ වී  නිවැරදිව සම්පත් විඳීමට තරුණ තරුණියන්ට කිසිම බාධාවක් නැත. එතෙක් තමන්ගේ අනාගතය අඳුරු නොවන පරිදි ජීවිතය පැවැත්විය යුතු වේ.බුද්ධ ධර්මයට අනුව මරණින් මතු පුද්ගලයාට ලැබෙන අපායක් ඇත.  දෙව්ලොවක් ද ඇත . එසේම සිය ගෙදරම අපායක් වන අවස්ථාද ඇත.  ගෙදර අපායක් කිරීම හෝ දෙව්ලොවක් කිරීම පිළිබඳව වගකීම් ගෙදර වාසය කරන  සියලුදෙනාම සතු ය එහෙත් බුදුරජාණන් වහන්සේ එහි මුල් තැනට ගත්තේ පුරුෂයා සහ භාර්යාවයීයම්කිසි ගෙදරක වාසය කරන පුරුෂයාත් භාර්යාවත් ඔවුන්ට ප්‍රියමනාප නැත්නම් නිතර අඩදබර අසමගිකම් පවත්වනවා නම් තම තමනට අයත් යුතුකම් ගුණදහම් සපුරන්නේ නැතිනම් ඒ ගෙදර ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොකු වුවත් අපායක් හා සමානය. එබඳු ගෙදරක වාසය කරන කිසිම කෙනෙකුට මානසික සුවයක් හෙවත් සැනසිල්ලක් නැත. පවුල ගැටලු වලින්ම පිරී ඇත.එය මෙලොව අපාය නම් වේ. යම්කිසි ගෙදරක වාසය කරන පුරුෂයාත් භාර්යාවන්ට ප්‍රියමනාප ඇත්නම් නිතර සතුටින් සමඟියෙන් වාසය කරනවා නම් තම තමනට අයත් යුතුකම් ගුණදහම් පුරනවා නම් ඒ ගෙදර ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොකු වුවත් එය  දෙව්ලොවකි. එබඳු ගෙදරක වාසය කරන හැම දෙනාම මානසික සුවයෙන් හෙවත් සැනසිල්ලෙන් පිරී ඉතිරී ඇත. ගැටළු ඇතිවන්නට ඉඩක් නැත.
                                                    අතීතයේ සිංහල බෞද්ධයන්ගේ පවුල් ජීවිතය ඉතා සුන්දර බවින් යුක්ත විය. ඒ සදහා ඔවුන් අනුගමනය කරනු ලැබුවේ බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සිඟාලෝවාද සූත්‍ර ධර්මයයී.

No comments:

Post a Comment

සමාජ ජිවිතය තුළ ගැටුම් නිරාකරණය කරගැනීමට ජාතක පොතෙන් ලැබෙන පිටුවහල

                              ජාතක පොත සදාචාර දර්ශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනාගත හැකි අතර බෞද්ධ දර්ශනය තුළ ගැබ්වූ අපරාධ විද්‍ය...