Tuesday, July 2, 2019

පන්සිය පනස් ජාතක පොත 📚

    හැදින්වීම

  පන්සිය පනස් ජාතක පොත චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථ යන වර්ගීකරණයට අයත් වුවද එහි නූතන සමාජ ජීවිතය කෙරෙහි ගැඹුරු ලෙස බලපාන්නා වූ සනාතන ධර්මයන් අඩංගුය.කුරුනෑගල යුගයේ රචනා වූ එය
   ජන ජීවිතය මෙන්ම භාෂාව සාහිත්‍ය වැනි අංශයන් කෙරෙහි ඇති කරන ලද බලපෑම පිළිබඳ උදාහරණ රාශියකී.පන්සිය පනස් ජාතක පොත ඉන්දීය සමාජයේ බිහිවී භාරතීය තොරතුරු පිළිබඳව කරැණු හෙළිදරව් කළද එයට සමගාමීව ශ්‍රී ලාංකීය සමාජයටද ජාතක කතා අදාල වීම සුවිශේෂි කරුණකී.ජාතක පොත සදාචාර දරිශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනා ගත හැකිය.ජාතක කතා සාහිත්‍යමය අගයෙන් ද අනූන වන්නකී.උපමා රූපක ආදී අලංකාර යොදා ගැනීමෙන ඒවාගෙ අඩුවක් නොමැත.ආඛ්‍යාත ස්වරූපය ඊට අයත් මූලික ලක්ෂණ වුවද සංවාද ලක්ෂණද එහි දක්නට ඇත.බෞද්ධ චින්තනය වඩාත් ප්‍රකට කරවන ජාතක කතා අකාලික වූ ධර්මය මෙන්ම අකාලික වෙයී.
                 " සමාජ භාෂා රීතිය ." අලංකාර " නැමැති නිසරු බමුණු වදනින් දූෂණය නොකරන ලද සරල කතා වස්තු පරණවීමෙන් කිසිකලෙක අභාවයට නොයන මානව චරිතාංග යන මෙතෙක් දෙයින් උසස් තැනක් ගන්නා ජාතක පොත "
                  (මාර්ටින් වික්‍රමසිංහ )
         මේ ආකාරයට විද්වතුන් මත දක්වන ජාතක පොත තුළ අඩංගු වන්නේ එක්තරා යුගයකට පමණක් අදාල කරගත හැකි සිදුවීම් මාලාවක් නොවේ.එය සර්ව කාලීන        ගුණයෙන් හෙබි වූවකී.මිනිස් සිත තුළ විවිධ සිතුවිලි ඇති වනතුරුම ජාතක පොතෙහි ඇති විවිධ කතා වැදගත් වනු ඇත.
         පන්සිය පනස් ජාතක පොතෙහි මුඛ්‍යාර්ථය සත්ත්වයන් සංසාරයෙන් එතර කිරීම ලෙස පෙන්වා දිය හැකිය.ජීවිතයේ නොයෙකුත ගැටුම් සදහා සැනසුම ලබා දන කෘතියක් ලෙසද මෙය පෙන්වා දීම වරදක් නොවේ.
          සමස්තයක් ලෙස ගත්කල ජාතක කතා පොත යහපතෙහි අගය ලොවට ඒත්තු ගැන්වීම සදහා රචනා කරන ලද්දක් බව වැටහෙයී .ජාතක කතා පොත ඇසුරෙන් මිනිසුන්ගේ චර්‍යාවන් විමසීමට ලක්කොට ඇත.බොහෝවිට සත්තව චරිත උපයෝගී කොටගෙන දක්වා ඇත්තේද මිනිස් චර්‍යා රාටාවන්‍ වේ.සමාජයට පටහැනි නොවන ආකාරයට සමාජය තුළ වීසීම සෑම පුද්ගලයෙකුගේන්ම බලාපොරොත්තු වන ගුණාංගයකි.එසේ ජීවත් වීමට ජාතක කතා පොත මනා පිටුවහලකී.එසේ ජීවත් නොවන්නන් සමාජ විරෝධීන් මෙන්ම අයහපත් මිනිසුන් ලෙස හැදින්වීමට සිදුවේ.සමාජ විද්‍යාත්මකව බලන කල මෙබදු සමාජ අපගම්‍යතාවන්ට යොමුවන්නේ ධර්මතාවන්ගෙන් තොරවූවන් වේ.
     ජාතක කතා පොතෙහි එන බොහෝ ජාතක ඒ සදහා උදාහරණ සපයන අතර
       *සත්තුකුම්භ ජාතකය
       *මහිලාමුඛ ජාතකය
    යන ජාතක කතා දෙක ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකිය.
       ජාතක කතා තුළ ප්‍රධාන චරිතය වන්නේ බෝධි සත්ත්ව චරිතය වන අතර ඒ චරිතය සමාජයේ වෙලෙමින් ගැටෙමින් උසස් ආධ්‍යාත්මයක් ඇතිකරගනු පිණිස පාරමිතා පුරන්නාවූ චරිතයකි.විවිධ ජාතක කතා තුලින් නිරූපණය වන්නේ එයයී.


No comments:

Post a Comment

සමාජ ජිවිතය තුළ ගැටුම් නිරාකරණය කරගැනීමට ජාතක පොතෙන් ලැබෙන පිටුවහල

                              ජාතක පොත සදාචාර දර්ශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනාගත හැකි අතර බෞද්ධ දර්ශනය තුළ ගැබ්වූ අපරාධ විද්‍ය...