Saturday, July 6, 2019

කුරුණෑගල යුගය




      කුරුණෑගල යුගයේ පළමු රජු වන්නේ දෙවන බුවනෙකබාහු රජුය.ඒ ක්‍රි.ව.1293 දීය.මෙසේ ඇරඹුණු කුරුණෑගල රාජධානිය හෙවත් හස්තිශෛලපුරයෙහි රාජ්‍යත්වයට පත් රජවරුන් සිව්දෙනෙකු පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍ර කරුණු සපයයී.එනම්

  1. දෙවන බුවනෙකබාහු හෙවත් වත්හිමි බුවනෙකබාහු (ක්‍රි.ව.1293 - 1302 ),
  2.  හයවන පණ්ඩිත පරාක්‍රමබාහු  (ක්‍රි.ව.1302 - 1326 ),
  3.  තුන්වන බුවනෙකබාහු හෙවත් වන්නී බුවනෙකබාහු ,
  4. පස්වන විජයබාහු හෙවත් සවුළු විජයබාහු ( ක්‍රි.ව.1335 -1341 )                  එකී රජවරුන්ය.


  •                දෙවන බුවනෙකබාහුගෙන් පසුව රජ්‍යත්වයට පත්වන්නේ ඔහුගේ  පුත් හතරවන පරාක්‍රමබාහුය.කුරුණෑගල යුගයේ දීර්ඝතම රාජ්‍ය කාලය වන්නේ මෙතුමාගෙ රාජ්‍ය කාලයයී.එමෙන්ම කුරුණෑගල යුගයේ සියලුම ඓතිහාසික තොරතුරු ද හතරවන පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයට අයත්වේ.හතරවන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය තුළ ලක්දිව ස්ථාවර සම්භවයක් පැවති බව චූලවංශයේ සදහන් කර ඇත.කුරුණෑගල රාජධානියේ උච්චතම අවස්ථාව හතරවන පරාක්‍රමබාහු රජ සමය වේ.දළදා සිරිත නම් ග්‍රන්ථයක් ස්වකීය රාජ්‍ය කාලය තුළදී කරවීය.මේ කෘතිය දෙව්රදදම් පසගිනාවන් අතින් විරචිත බව පිළිගත් මතයකි.එමෙන්ම ශාස්ත්‍රෝන්නතිය උදෙසා හතරවන පරාක්‍රමබාහු රජු පිරිවෙන් තැනවූ අතර සාහිත්‍යාභිවර්ධනයට රාජකීය අනුග්‍රහය අපමණව ලබා දුන්නේය.
  • පන්සිය පනස් ජාතක කථා පොත
  • චූලවංශය  
  • සූර්‍ය ශතකය 
  • බෝධිවංසය 
  • අනාගත වංශය 
  • දළදා සිරිත                                                                                   ආදි ග්‍රන්ථ රචනා වන්නේ මේ රාජ්‍ය කාලයේදීය.එමෙන්ම ක්‍රි.ව.1312 දී මහනුවර අස්ගිරි සේනාසනය ඇරඹුණේ ද මේ රජුගේ අනුග්‍රහයෙනි.මෙම රාජ්‍ය කාලයේ සාහිත්‍ය හා ශාසන සේවාවන්හි නියුක්ත වූ සුප්‍රකට පඩිවරුන් අතර ශ්‍රී පරාක්‍රමබාහු , විල්ගම්මුල සංඝරාජ මාහිමියන් වහන්සේ යන දෙපල විශේෂයෙන් සදහන් කළ හැකිය.සිංහල බෝධිවංසය ආදී ග්‍රන්ථන් මෙකල ලියැවී ඇත්තේ හතරවන පරාක්‍රමබාහු රජුගේ ආරාධනයෙනි.

No comments:

Post a Comment

සමාජ ජිවිතය තුළ ගැටුම් නිරාකරණය කරගැනීමට ජාතක පොතෙන් ලැබෙන පිටුවහල

                              ජාතක පොත සදාචාර දර්ශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනාගත හැකි අතර බෞද්ධ දර්ශනය තුළ ගැබ්වූ අපරාධ විද්‍ය...